ලෝක වෙළෙඳපොළේ රන් මිල මින් පෙර නොතිබූ අන්දමින් ඉතා ඉහළ අගයක් ගනිමින් තිබෙන අතර, රන් අවුන්සයක මිල ඉතිහාරයේ පළමු වරට අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පසුකර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ අද උදෑසන වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4534.16 සීමාවට ආසන්න වී ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙලෙස අසාමාන්‍ය අන්දමින් රන් මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බවයි.
ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරවීම් මෙයට හේතු ලෙස ඔවුන් වැඩිදුරටත් පෙනවා දෙන ලදී.
තවද විශ්ලේෂකයන් පවසන්නේ ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉල්ලුම ඉහළ යාමට බෙහෙවින් බලපා ඇති බවත්, අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහත හෙළනු ඇතැයි යන අපේක්ෂා කරන බවයි.
රන් මිලට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.
එ් අනුව, රිදී මිල ගණන් පළමු වරට අවුන්සයක් ඩොලර් 78 දක්වා 9.6% කින් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයකට ඩොලර් 4,561 ක නව වාර්තාවක් සමග 1.3% කින් ඉහළ ගිය අතර, ප්ලැටිනම් 10.5% ක ඉහළම අගයට ළඟා වූ අතර පැලේඩියම් 13% කින් ඉහළ ගොස් ඇත.
මේවන විට මෙරට තුල රුපියල් 362,000 ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල මේ වනවිට රුපියල් 368,000 ක් දක්වා ත්, රුපියල් 332,000 ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල රුපියල් 337,500 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


