00:00:00
00/00/0000

කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය යලි යතා තත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පසුගිය දින වල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටි ඔය පාලම අසලින් ඇති දුම්රිය මාර්ගය අවට ප්‍රදේශය නායයාමේ තත්වය හේතුවෙන් මෙම මාර්ගයේ ධාවන කටයුතු ඇණහිටින ලදී.



මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදන‍යක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට සිට හලාවතින් පිටත්ව කොළඹ කොටුව දක්වා ධාවනය වන ප්‍රධාන කාර්යාල දුම්රිය කිහිපයක වේලාවන් පහත පරිදි වේ.

පෙ.ව. 04.20 ට පිටත්ව පෙ.ව. 07.05 ට ළඟා වේ.

පෙ.ව. 04.50 ට පිටත්ව පෙ.ව. 07.40 ට ළඟා වේ.

පෙ.ව. 05.30 ට පිටත්ව පෙ.ව. 07.30 ට ළඟා වේ.

පෙ.ව. 05.50 ට පිටත්ව පෙ.ව. 08.20 ට ළඟා වේ.

පෙ.ව. 06.10 ට පිටත්ව පෙ.ව. 09.00 ට ළඟා වේ.

කොළඹ කොටුව සිට හලාවත දක්වා: සවස් කාලයේ ප.ව. 04.30, ප.ව. 04.45, ප.ව. 05.18, ප.ව. 06.10 සහ ප.ව. 07.10 යන වේලාවන්හිදී කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රියන් සාමාන්‍ය පරිදි හලාවත දක්වා ධාවනය කෙරේ.

මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි වෙනුවෙන් ගමනාගමන අධිකාරි G.D.A සමරසිංහ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Share it :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *