නවතම වාර්තාවලට අනුව පසුගිය මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්යාංශය පවසයි.
එම වාර්තාවට අනුව 2025 වර්ෂයේ රජයවෙත බදු මුදල් ලැබී ඇති අකාරය වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් බදු වශයෙන් රු. බිලියන 70ක් බැබී ඇති බව සඳහන් කර ඇත.
මුදල් අමාත්යාංශය පවසන පරිදි 2025 වසරේ පසුගිය මාස 11 තුලදී වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් වන අතර, එය දක්වා රු. බිලියන 355 කින් වැඩි වී ඇත. 2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම වාර්තා වූයේ රු. බිලියන 54.6ක් ලෙසිනි.
පසුගිය මාස 11 දී තුළ බදු ආදායමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායෙමන් සියයට 48.2කි.
එමෙන්ම දෙවැනි වැඩිම ලෙස දායකත්වය ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 45.7ක් නියෝජනය කරයි.
මේ අතර 2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 3,650.9 ක් ලෙසින් වාර්තා වේ.
2024 වසරේ පළමු මාස 11 තුළ රුපියල් බිලියන 969.2 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,096.9 දක්වා සියයට 13.2 කින් ද, VAT බදු මඟින් ලැබුණු ආදායම 2024 වසරේ එම කාලය තුළ වූ රුපියල් බිලියන 1,174.0 සිට රුපියල් බිලියන 1,579.0 දක්වා ඉහළ ගොස් ඉහළ ගොස් බදු ආදායම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්න ආකාරයට මෙම ආදායම් වර්ධනයට ප්රධාන හේතු ලෙස බදු පද්ධතියේ වැඩි කාර්යක්ෂමතාව, ආර්ථික ක්රියාකාරකම්වල වැඩි වීම සහ ආදායම් එකතු කිරීමේ ක්රමවේද ශක්තිමත් වීම මෙලෙස බලපා ඇකි බවයි.
Comments (4)
Leave a Reply
Dasia Mayert
Oct 20, 2026i use it from now on when i'm in my safehouse.
Juliana Mayer
Oct 02, 2026My neighbor Krista has one of these. She works as a salesman and she says it looks soapy.
Noble Keebler
Oct 02, 2026one of my hobbies is sailing. and when i'm sailing this works great.
Eliseo Johnson
Oct 02, 2026My neighbor Montserrat has one of these. She works as a circus performer and she says it looks shriveled.